නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයෑමේ වැඩිම අවදානම් තත්ත්වය පවතින්නේ වලපනේ ප්‍රාදේශීය, බලප්‍රදේශය තුළ බවත්, කොත්මලේ හා අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්රදේශවලද මෙම අවදානම පවතින බවත්, ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.
වැඩිවන ජනගහනය අනුව ඇල, දොළ, ගංගා රජයේ රක්ෂිතවල කරනු ලබන ඉදිකිරීම් හා අක්‍රමවත් වගාක්රම අනුගමනය කිරීම් මෙන්ම වැසි ජලය රිසි සේ ගලායාමට බාධා පැමිණවීම ඇතුළු මානව ක්‍රියාකාරකම් හේතුවෙන් උක්ත ප්‍රදේශවල මෙසේ නායයෑමේ අවදානමක් හටගෙන ඇති බවත්, එකී ප්‍රදේශ දැනටමත් බොහෝමයක් හඳුනාගෙන ඇති බවත් භූ විද්‍යාඥ නුවන් අමරතුංග මහතා සඳහන් කරයි.