මේවනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභා සංඛ්‍යාව 05 ක් වන අතර, එය 12 දක්වා වැඩි කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය සියලු සැලසුම් මේවනවිට සකස්කර අවසන් බැවින් මේසඳහා එතරම් කාලයක් ගත නොවන බවත් දමිළ ප්රගතිශීලී සන්ධානයේ නායක, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය ‘
නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශිය සභා බලසීමාවක් තුළ ලක්ෂ දෙකහමාරකට වැඩි ජනතාවක් ජීවත් වන බැවින්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා සංඛ්‍යාව වැඩිකර පළාත් පාලන සංශෝධන පනත ගැසට් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා කීවේය.
මේක අපි අද මතුකරන කාරණයක් නොවෙයි. බැසිල් මහත්තයාගේ කාලයේ සිටම අපි මේක කිව්වා. ඒ සැලසුම් සියල්ල ලැහැස්ති කරලා තිබෙන්නේ. මේසම්බන්ධ නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම අඩුවක්. ජනාධිපතිතුමා අගමැතිතුමා අපට පොරොන්දුවක් දීලා තිබෙන්නේ මේ පළාත් පාලන වෙන්කිරීම සිදුකරනවා කියලා. මේනිසා ඡන්ද කල්දාන්න වෙනවානම් දවස් කිහිපයක් කල් දාන්න වෙන්නේ. ඒක අමතක කරන්න එපා. දවස් දෙක තුනක් කල් දැමීමෙන් ලක්ෂගණන් ජනතාවට සාධාරණයක් ඉටුවෙනවා.
රටේ එක කොණක ජනතාව විසි පන්දහසකට ප්‍රාදේශිය සභා තියෙද්දි නුවරඑළිය පමණක් ලක්ෂ දෙකහමාරකට එක ප්‍රාදේශිය සභාවක් තිබීම වැරදියි නේද? රටේම ලොකුම ලොකු ප්‍රාදේශීය සභා තිබෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ. වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ අද(16දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව පැවසීය.