මධ්‍යම කඳුකරයට පැවති අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ බංගලා 7 ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් ඇණහිට තිබූ එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (9දා) උදෑසන වනවිට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කර ඇත.
එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සමගාමීව සිදුකරන පස් කැපීමක් හේතුවෙන් මෙම ස්ථානයේ මීට ඉහත අවස්ථා ගණනාවකදීද පස් කඳු කඩාවැටී ගමනාගමන කටයුතු ඇණහිට තිබුණි.