නුවරඑළිය දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම සාමකාමී බවත්, දිස්ත්‍රික්කය තුළ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව අතර පවතින සහෝදරත්වය වර්තමාන මෙම තත්ත්වයට හේතුව වී ඇති බවත් නුවරඑළිය දිසාපති එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වර්තමාන ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (08දා) පැවැති සාකච්ඡාවකදීය.
දිස්ත්‍රික්කයේ පවතින සමකාමී තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යෑම සඳහා ආගමික නායකයන්, මහජනතාව හා ආරක්ෂක අංශ එක්ව තවදුරටත් කැපවිය යුතුව බවද දිසාපතිවරයා ප්‍රකාශ කළේය.
මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ සාමකාමී වාතාවරණයක් පවතින බවත්, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව එක්ව දිස්ත්‍රික්කය පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන ගලප්පත්ති මහතා පැවසීය.
තම තමන්ගේ ආගම් අදහන ජනතාව දැනුවත් කර කිසිදු අයුරකින් හෝ කිසිවෙකුටවත් කරදරයක් සිදු නොවීමට වගබලා ගන්නා බව මෙම සාකච්ඡාවට එක්ව සිටි සියලු ආගම් නියෝජනය කරන ආගමික නායකයෝ පැවසූහ.