ජනගහනය අනුව නුවරඑළිය හා අඹගමුව ප්‍රාදේශීය සභා දෙක ප්‍රාදේශීය සභා 06 ක් බවට පත්කළ ආකාරයටම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉතිරි ප්‍රාදේශීය සභා 03 ත් 06 ක් දක්වා ඉහළ දැමිය යුතු බව අමාත්‍ය පලනි දිගම්බරම් මහතා රජයට යෝජනා කර තිබේ.
ජනගහනයෙන් 50,000 කට එක් ප්‍රාදේශීය සභාවක් හිමිවන නිසා දැනට ලක්ෂ 3 කට වැඩි ජනගහනයක් ජීවත් වන කොත්මලේ, වලපනේ හා හඟුරන්කෙත ප්‍රාදේශීය සභා 03 මේ ආකාරයට 06 ක් බවට පත් කරන ලෙස යෝජනා කර ඇත.