නුවන් කුලසේකරට ඇප
(UPDATE) කොළඹ-නුවර මාර්ගයේ කඩවත,රන්මුතුගල ප්රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්රීකට් ක්රීඩක නුවන් කුලසේකර මහතා පොලිස් ඇප මත මුදා හැර තිබේ.
කොළඹ-නුවර මාර්ගයේ කඩවත,රන්මුතුගල ප්රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇත. ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නුවන් කුලසේකර පැදවු රථය මෙලෙස අනතුරකට ලක්ව ඇති අතර ඔහු මේවනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නුවර සිට කොළඹට සිය මෝටර් රථයෙන් පැමිණෙමින් සිටි කුලසේකර පැමිණි රථයට රන්මුතුගල ප්රදේශයේදී යතුරුපැදියක ගමන් කරමින් සිටි 28 හැවිරිදි තරුණයෙකු හැපීමෙන් මෙම අනතුර සිදුව ඇත. තරුණයා ගමන් කරමින් සිටි යතුරුපැදියෙන් ඇදවැටීමෙන් පසු මෝටර් රථයට යටවී ඇති බව මේවන විට පොලිස් අත්අඩංගුවේ පසුවන නුවන් කුලසේකර මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
