පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පස් නිවුන් දරු උපතක් සිදුව තිබේ. පිරිමි දරුවන් සිවුදෙනෙකු හා එක් ගැහැනු ළමයෙකු එම පස් නිවුන් දරු උපතට අයත් බව පේරාදෙණිය ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
දරුවන්ගේ මව හෑදෙණිය, වැරැල්ලේගම පදිංචි තනුජා ඒකනායක නැමැති නීතීඥවරියක බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍ය සිසිර රණරාජා මහතා ප්රමුඛ වෛද්‍ය කණ්ඩායමක් දරු උපතේදී වෛද්‍ය සහාය ලබාදී තිබේ.
මේ වනවිට මව හා දරුවන් සුවෙන් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.