බස්නාහිර, දකුණු පළාත් සභා මැතිවරණයේදී නීතිවිරෝධී ආකාරයට සිදුකරන සැරසිලි, පෝස්ටර් බැනර්, ඉවත් කිරීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් රුපියල් ලක්ෂ 200 කට අධික මුදලක් පොලිස් මූලස්ථානයට ලබාදී තිබෙන බව වාර්තා වේ.
පොලිස් මූලස්ථානයට ලබාදී තිබෙන මෙම මුදල්වලින් මැතිවරණ ප්රචාරක පෝස්ටර්, බැනර් සැරසිලි ඉවත් කිරීම සඳහා දකුණ හා බස්නාහිර පළාත් තුළ පිහිටි පොලිස් ස්ථාන 153 ක් සඳහා තාවකාලික පදනමින් පුද්ගලයන් 451 දෙනෙකු බඳවා ගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.