නීතිවිරෝධී ලෙස මුදල් රැස්කර පිටරට බැංකුවලත් දාලා
නීතිවිරෝධී ලෙස මුදල් රැස්කර විදේශ රටවල් බැංකුවල තැන්පත් කර ඇතැයි කියන බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියාගේ හා රූපවාහිනී නාලිකාවක විධායක අධ්යක්ෂවරයෙකුගේ නම්වලින් තැන්පත් කර ඇති මුදල් පිළිබඳ තොරතුරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබාදෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙරට සියලුම බැංකු හා මූල්‍ය ආයතනවලට ඊයේ (08දා) නියම කළේය.
දූෂණ මර්දන කමිටුව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද පරීක්ෂණයකට අවශ්‍ය වී ඇතැයි කියමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු කළ ඉල්ලීමක් පිළිගනිමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා එලෙස නියම කළේය.
බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියා වන කපිල ගාමිණී හෙන්දාවිතාරණ සහ ඩෑන් ටී.වී. රූපවාහිනී නාලිකාවේ විධායක අධ්යක්ෂ එස්.එච්. කුගන්දන් යන මහත්වරුන්ගේ නම්වලින් ඇති ගිණුම් පිළිබඳ විස්තර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියම කෙරිණි.
2009 වසරේ සිට නීතිවිරෝධී අන්දමින් රැස් කරගත් මුදල් මෙම පුද්ගලයන් ප්‍රංශයේ ලක්හැන්බර්ග් නුවර පිහිටි මූල්‍ය ආයතනවල තැන්පත් කරවාගෙන සිටින බවට තොරතුරු ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අධිකරණයට දැනුම් දී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

