නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලංකාවෙන් යුරෝපයට සංක්‍රමණය වන පුද්ගලයන් ප්‍රමාණය අඩුකිරීම සඳහා කාර්යසාධන බළකායක් ස්ථාපිත කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව නීතිය හා සාමය, නැවත පදිංචි කිරීම සහ අධිකරණ යන අමාත්‍යාංශ, ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙන්ම යුරෝපීය කොමිසමද සම්බන්ධ කරගනිමින් මෙම කාර්යසාධන බළකාය ස්ථාපිත කිරීමට නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් මහතා අතර ඊයේ (17දා) පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබේ.