දංකොටුව ගෝනාවිල ප්රදේශයේදී අද (30දා) අලුයම සිදුකළ වෑන් රථයක් පරික්ෂා කිරීමේදී එහි තිබූ නිතිවිරෝධී මත්පැන් බෝතල් 1170ක් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
මෙම මත්පැන් තොගය ජා ඇල ප්රදේශයේ සිට දංකොටුව ප්රදේශයේ බෙදා හැරිම සදහා ප්රවාහනය කළ බවට තොරතුරු අනාවරණ වි තිබෙන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු හා වැන් රථය අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.