රටේ පවතින නීතිය සියලු දෙනාට පොදුවිය යුතු බවත්, පසුගිය සමයේ නීතිය නොතකමින් කටයුතු කළ අයට ඉදිරියේදී අනිවාර්යයෙන්ම දඩුවම් හිමිවන බවත්, අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
රත්නපුර ඇලපාත පැවැති උත්සවයක් අමතමින් ඇය මේ බව පැවසුවාය.
“රටේ නීතියක් තියෙන්න ඕනි. නීතිය කාටත් වලංගුයි. යූ.එන්.පි කාරයට එකක් ශ්‍රී ලංකාකාරයට එකක් කියලා නෑ. පහුගිය කාලේ වැරදි කරපු අයට ඉදිරියේදී නීතියෙන් දඬුවම් ලැබෙවි.
මේ හැම වැඩක්ම කරනකොට අපිට නොයෙකුත් චෝදනා එනවා. අද බලය ලබාගැනීමේ අරමුණක් තමයි හැමතැනම තියෙන්නේ. හැබැයි අපි ඕනෑම වෙලාවක බලය අත්හරින්න සූදානම්. අපිට බලයේ ඉඳලත් පුරුදුයි නැතුව ඉඳලත් පුරුදුයි. රටේ ජනතාව තීරණය කරන්න ඕනි කොයි එකද වඩාත් හොඳ කියලා.” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.