"නීතිය සිය අතට ගැනීමට රජය විසින් කිසිවෙකුට ඉඩ නොතබන අතර, මා සියලු දෙනාගෙන් සංයමයෙන් යුතුව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා" යැයි අලුත්ගම ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා වැඩිදුරටත් ට්විටර් පණිවුඩයකින් දක්වා සිටින්නේ, "අලුත්ගම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවීමට පරීක්ෂණයක් පවත්වනු ලබනවා." යනුවෙනි.