පොලීසිය - නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් මෙහෙයුම් ප්‍රමාණය ඉහළ දැමීම නිසා මෙම මැතිවරණ නිදහස් හා සාමකාමී ලෙස පැවැත්වීමට හැකියාව ලැබුණු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මැතිවරණ නීති උල්ලංඝනය කළ 600කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග සිදුවෙමින් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
අපේක්ෂකයන් 50,000කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් වූ මැතිවරණය තුළදී යම් යම් සිදුවීම් පිළිබ‘ඳ වාර්තා වුවද සංඛ්‍යාත්මකව සලකා බැලුවහොත් පැමිණිලි ප්‍රමාණය සුළු ප්‍රමාණයක් බවද ඔහු කියා සිටියේය.