තමන් නීතිපති දෙපාර්තමේන්තුවේ වැරැද්දක් නොදකින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (24දා) පැවසීය.
නීතිපතිදෙපාර්තමේන්තුවට දොස් නැගීමට තමන් අකැමැති බවත්,එම දෙපාර්තමේන්තුවට නිදහසේ වැඩකරගෙන යෑමට අවස්ථාව ලබාදිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.
කොළඹ පිහිටි ජනාධිපති නිල නිවසේදී පුවත්පත් මාධ්‍යවේදීන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.
“නීතිපති දෙපාර්තමේන්තුවට කවුරුහරි දොස් කියනවා නම්, මම ඒකට කැමැති නැහැ.නීතිපති දෙපාර්තමේන්තුවේ වැරැද්දක් මම දකින්නෙත් නැහැ.නීතිපති දෙපාර්තමේන්තුවට නිදහසේ වැඩකරගෙන යන්න දෙන්න ඕනෑ* යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මෙරට මෙතක් තිබූ කොමිෂන්සභාවලට වඩා බැඳුම්කර කොමිසමේ වෙනසක් රටේ ජනතාවට දැකිය හැකි බවත්, බැඳුම්කර කොමිසම හොඳින්වැඩකටයුතු සිදුකරමින් කොමිෂන් සභා පිළිබඳ ජනතාව තුළ තිබූ සැකය අවිශ්වාසය බිඳදමා තිබෙන බවත් පැවසූ ජනාධිපතිවරයා, මෙතක් එම කොමිසමේ කටයුතු සිදුවූ ආකාරයෙන් ඉදිරියටද සාර්ථකව සිදුවේයැයි තමන් විශ්වාස කරන බව පැවසීය.
පක්ෂ භේදයකින් තොරව කවුරුන් හෝ වංචාව දූෂණ සිදුකර තිබේනම්, ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම ඒ ඒ ආයතනවල වගකීම් දරන පුද්ගලයන් විසින් සිදුකළ යුතු බවත්,නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු නීතිමය කටයුතු පියවරයෙන් පියවර ඉදිරියට යායුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
සෑම දේශපාලඥයෙකුම තමන් හරිද, වැරැදිද යැයි හෘද සාක්ෂියෙන් විමසිය යුතු බවත්, උසාවි, අධිකරණ පැත්තක තිබුණද, මහජනතාව ඒ දෙස බලාසිටින බවත් සිරිසේන මහතා සඳහන් කළේය.
කිසියම් හෝ ඇමතිවරයෙකු කැබිනට් සාමූහිකත්වය කඩකරයි නම් එය වැරදි බවත්,එවැනි අවස්ථාවලදී පක්ෂ භේදයකින් තොරව එහි හරි වැරැද්ද පිළිබඳ අදාළඅමාත්යවරුන්ට තමන් පෙන්වා දී අවවාද කර ඇති බවත්පැවසූ හෙතෙම,සාමූහික වගකීම සම්බන්ධව කැබිනට් මණ්ඩලය තුළදවරින් වර තමන් පැහැදිලි කරදී ඇතැයි ප්‍රකාශ කළේය.
ගෙදර දරුවෙකු වැරැද්දක් කරයි නම්, එම දරුවා හදාගන්නා ආකාරයෙන් රජයේ කොතැනක හෝ වැරැද්දක් තිබේනම්, එය නිවැරදි කළ යුතු බවද ඒමහතා පවසා සිටියේය.