රටට ජාතියට අවංකවම ආදරය කරමින් සේවය කරන පුද්ගලයන්ට තැනක් නොලැබෙන බවත්, හිටපු අගවිනිසුරුවරිය පිළිබඳ ගත් ක්‍රියාමාර්ගය එතරම් යහපත් ක්‍රියාමාර්ගයක් නොවන බවත් අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා ඇතුලු පිරිසක් අද (04දා) අස්ගිරි මහා විහාරයේදී මුණ ගැසුණ අවස්තාවේදීය.
තවදුරටත් අනුශාසනා කරමින් මහනායක හිමියෝ පැවැසුවේ වර්තමානයේ රජයේ තනතුරු ලබා දීමේදී එය දේශපාලන හිතවත්කම් මත සිදුකරන බවත්, වර්තමානයේදී නීතිය තමන්ට අවශ්‍ය ආකාරයට පරිවර්තනය කර ගෙන ඇති බවත් අවධාරණය කළහ.