දිනිඳු යශේන් පැහැරගෙන යාමේ නඩුවට අදාළ කටයුතු නිසිපරිදි සිදු නොවන බව ප්රකාශ කරමින් ගල්ගමුව මහෙස්ත්රාත් අධිකරණයේ නීතිඥවරුන්ගේ රථවලට පහරදුන් සැකකරුවන් 15 දෙනා එළැඹෙන 30 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්ගමුව මහෙස්ත්රාත් රුවන් ධම්මික දිසානායක මහතාං අද (26දා) නියෝග කළේය.
මෙම සැකකරුවන් 15දෙනා අතරට දිනිදුගේ පියාද වෙයි. සිද්ධියට විරෝධය පාමින් ශ්රී ලංකා නීතඥ සංගමයේ සභාපති ඇතුළු නිතිඥයින් 100කට ආසන්න පිරිසක් ගල්ගමුව මහේස්ත්රාත් අධිකරණයට පැමිණ සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් දිනිදුගේ මවද අත්අඩංගුවට ගත් අතර ඇය මිට ඉහතදී ඇපමත මුදා හරිනු ලැබුවාය.
ඡායාරූප ගල්ගමුව සංජීව රත්නායක