නීති විරෝධීව විදේශයන් හී රැඳී සිටින ශී‍්‍ර ලාංකික ශ්‍රමිකයින්ට රජයේ කිසිදු වගකීමක් නැති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
සැලකිය යුතු ශී‍්‍ර ලාංකීක ශ්‍රමිකයින් පිරිසක් තම වලංගු විසා කාල සීමාව ඉකුත්වීමෙන් හෝ තම නීත්‍යානුකූල සේවා ස්ථානයෙන් පැන ගොස් නීති විරෝධි ලෙස සේවය කරන බවද එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක වෙයි.
නීත්‍යානුකූල නොවන අයුරින් සේවයේ යෙදී සිටීම අදාළ රටවල නීති රීති උල්ලංඝනය කිරීමක් වන අතර එය දඩ මුදල් ගෙවීම සහ සිරගත කිරීමට හේතුවන වරදක් බවත් ඔවුන් පෙන්වා දෙයි.
තම ඥාතීයෙකු හෝ හිතවතෙකු මෙසේ විදේශගත වී නීති විරෝධිව සේවය කරන්නේ නම් ඔහු හෝ ඇය මේ සම්බන්ධව දැනුවත් කරන ලෙස කාර්යාංශය ජනතාවට දැනුම් දෙයි.