විදේශීය රටකට අයත් සිගරට් තොගයක් නීති විරෝධී ලෙස ශ්රීලංකාවට ගෙන ආ නුවර කටුගස්තොට පදිංචි පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (22දා) අලුයම ඩුබායි සිට සැකකරු ශ්රී ලංකාවට පැමිණ තිබේ. ඔහු සිගරට් කාටූන් 183ක් ශ්රී ලංකාවට නීති විරෝධී ලෙස ගෙනවිත් ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 18ක් බව රේගුව කියයි.
අදාළ සිගරට් තොගය රාජසන්තක කළ රේගුව සැකකරුට රුපියල් 50000 ක දඩයක්ද නියම කළේය.