වනාතවිල්ලුව පොලීස් නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පෙති 24,000ක් සහ ගබ්සාපෙති 15,000ක ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු වනාතවිල්ලුව කලපු ප්‍රදේශයේදී ඊයේ (31දා) අත්අඩංගුවටගත් බව වනාතවිල්ලුව පොලීසිය සඳහන් කරයි.
මෙම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා ගබ්සාපෙති බෝට්ටුවකින් රැගෙනවිත් වෑන් රථයකින් ප්‍රවාහනයට සූදානම් කරමින් සිටියදී මෙම වැටලීම සිදුකර තිබේ.
ඒ අනුව වැටලීමෙන් සැකකරුවන් සමග අදාළ වෑන් රථයද අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවටපත් සැකකරුවන් 41,38,35වියේ පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් අද (01දා) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් නිරීමට නියමිත අතර, සිදුවීම සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.