නඩු ප්‍රමාදය අවම කිරිමට ලබන වසරේ නීති පද්ධතිය තුළ දැවැන්ත වෙනසක් සිදු කරන බවත් එහි පළමු පියවර වශයෙන් සමත මණ්ඩලවලට එන නඩුවල මුල්‍යමය වටිනාකම රුපියල් ලක්ෂ 05 ක් දක්වා වැඩි කිරිමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. මීට පෙර එය පැවතුනේ රුපියල් දෙලක්ෂ පනස් දහස් දක්වා පමණක් බවත් පසුගිය වසර පහක කාලය තුළ සමථ මණ්ඩලයට එන නඩුවලින් 51%ක් විසඳුම් ලබා දී තිබෙන අතර එය සංඛ්‍යාත්මක වශයෙන් තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක් පමණ වන බවත් අමාත්‍යවරයා කීය. මෝටර් රථ ප්‍රවාහන නීතිය යටතේ නඩු විශාල සංඛ්‍යාවක් තිබෙන අතර එම දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර එවැනි වැරදි සඳහා දඩ කොළ මගින් පමණක් විසඳුම් ලබාදිමේ ක්‍රමවේදයක් සකස් කිරිම පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශකළේය.