ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියානු කටයුතු බාර සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය පස්වරු 3.00ට පමණ බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට ශ්‍රී ලංකාවට පැමිණියාය.
දින දෙකක සංචාරයක් සඳහා සහකාර රාජ්‍ය ලේකම්වරිය දිවයිනට පැමිණි අතර සිය සංචාරයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් හා සාකච්ඡා කිරීමට ඇය බලාපොරොත්තුවෙන් සිටින්නීය.