දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය එළඹෙන 31 වැනිදා ඇයගේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඇය පෙබරවාරි මස දෙවැනිදා දක්වා මෙරට රැදී සිටීමට නියමිත බවද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ ඉහළ පෙලේ රාජ්‍ය නිළධාරින් සමග යුද්ධයෙන් පසු සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ කටයුතු, නීතිය හා වගවීමේ ක්‍රියාවලිය පිළිබඳව ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමටද සහකාර රාජ්‍ය ලේකම්වරිය අවධානය යොමුකොට ඇත.
ඇය උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරතවීමටද සූදානමින් සිටින අතර එහිදී උතුරු පළාත් සභාවේ නියෝජිතයන් සමඟ මෙන්ම එහි සිවිල් සංවිධානවල නායකයන් හමුවීමටද නියමිත බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.