නිවාස හා නිවාස අවශ්‍යතා සංගණනයක්
ඉදිරි මාස කිහිපය ඇතුළතදී මුළු දිවයිනම ආවරණය වන පරිදි නිවාස හා නිවාස අවශ්‍යතා පිළිබඳ සංගණනයක් සිදුකරන බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ සඳහා නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ සහ ප්‍රාදේශීය මට්ටමේ රජයේ නිලධාරීන්ගේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
දැනට දිවයින පුරා කොතරම් නිවාස ප්‍රමාණයක් පවතින්නේද යන්න සහ නිවාස අවශ්‍යතාවන්ගේ කොතරම් ජනතාවක් සිටීද යන්න පිළිබඳව නිවැරදි දත්ත ලබාගැනීම මෙහි අරමුණ බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
සැමට සෙවණ නිවාස 50,000 වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභී පවුල් සඳහා නිවාස ණය ප්රදානය කිරීමේ උත්සවයේදී මෙම අදහස් පැවසීය.
'හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කළමනාකාරතුමාගේ වාර්තාවට අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 177000ක් අතරින් 87000කට නිසි නිවාස නැහැ. මේ ආකාරයට මීට වඩා වැඩි ජනතාවක් සිටින දිස්ත්‍රික්කවලත් නිවාස අවශ්‍යතාවය විශාල වශයෙන් ඇති බව අපට උප කල්පනය කරන්න පුළුවන්' යනුවෙන් හෙතෙම පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

