නිව්යෝක් නගරයේ, චෙල්සී දිස්ත්‍රික්කයේ සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
සෙනසුරාදා රාත්‍රී කාලයේදී සිදුවූ මෙම පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය නොවූවත්, මෙය වඩාත් ප්‍රබල ජාත්‍යන්තර සබධතාවක් සහිත පිපිරීමක් බව ආණ්ඩුකාර බිල් ඩි බ්ලාසිඕ පවසයි.
එමෙන්ම, මෙම පිපිරීමට පැය කිහිපයකට පෙර නිව්ජර්සි හිදි පයිප්ප බෝම්බයක් පිපිරීම හා නිව්යෝක් පිපිරීම අතර සම්බන්ධයක් මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවත් හෙතෙම පවසයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් FBI ආයතනය පරීක්ෂණ පවත්වන බවත්, ත්‍රස්තවාදී ක්‍රියාවක් බවටද මෙතෙක තොරතුරු ලැබී නොමැති බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයන් 29 දෙනා ජීවිතයත් මරණයත් අතර සටනක නොවූවත්, ඔවුන්ට මෙම පිපිරීමෙන් දරුණු තුවාල සිදුව ඇති බවද විදෙස් වාර්තා පවසයි.
මහා ශබ්දයක් සමග ඇති වූ පිපිරීමත් සමග මිනිසුන් හිස් ලූ ලූ අත දිව ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
තහවුරු නොකර වාර්තාවන්ට අනුව කුණු කූඩයක් තුළ තිබූ බෝම්බයක් මෙම පිපිරීමට හේතු වී තිබේ.
අද අලුයම වනවිටත් නගරයේ කොටස් කිහිපයක් පොලිසීය විසින් වසා දමා තිබූ බවද විදෙස් වාර්තා පවසයි.
නිව්යෝක් නගරයේ 9/11 ප්‍රහාරයට වසර 15ක් ගෙවෙන අවස්ථාවේදී මෙම පිපිරීම සිදුවීම නිසා මෙය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බවට එකහෙලා ප්‍රතික්ෂේප කළ නොහැකි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.