නිව්යෝක් නුවර මෑන්හැට්න් ආශ්‍රිතව බෝම්බයක් බවට විශ්වාස කෙරෙන තවත් සැකකටයුතු පාර්සලයක් ඉවත් කිරීමට බෝම්බ නිශ්ක්‍රීය අංශය කටයුතු කර ඇත.
නිව්යෝක් නගරයේ මීට පෙර පුපුරාගිය බෝම්බය හේතුවෙන් පුද්ගලයන් 29 දෙනෙකු තුවාල ලැබීය.
ආරක්ෂිත පියවරක් ලෙස දෙවැනි බෝම්බය හමුවූ ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර ඇති අතර, FBI ආයතනය ප්රමුඛ ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවයි.
පළමු පිපිරීමෙන් පසුව ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම දෙවැනි සැකකටයුතු පාර්සලය පොලීසිය විසින් සොයාගෙන තිබුණි.
එය පළමු පිපිරීම සිදුවූ ස්ථානයට ආසන්නව හමුවී ඇති අතර, මෙම සැකකටයුතු පාර්සලය ප්‍රෙෂර් කුකර් එකක් හා ජංගම දුරකථනයක් භාවිතයෙන් සෑදූ බෝම්බයක් බවට මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.