පොදුවේ උද්ඝෝෂණ පවත්වනවා වගේම නිවසේ එකතුවන කැළිකසල පිළිබඳව විධිමත් පියවරක් ගැනීමට පෞද්ගලිකවද කටයුතු කළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
මහා නගර සැලසුම යටතේ කසල කළමණාකරණයට විධිමත් කි‍්‍රයාවලියක් ඇති කරන බවත් කසලින් නොකිලිටි නිකසල නුවරක් ගොඩනැගීම කාගෙත් යුතුකමක් බවත් අමාත්‍යවරයා පැවසූයේ ලෝක නගර දිනයට සමගාමීව, නිකසල නුවර නගර පවිත්‍රකරන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද(30දා) කොළඹ කොටුවේදී එක්වෙමිනි.