නිවසකට අත්තිවාරම් කපන විට රන් අලේපිත බුදු පිළිමයක් හමුවෙලා
නිවසක් ඉදිකිරීම සඳහා අත්තිවාරම් කපන අවස්ථාවේ රන් ආලේපිත උස සෙන්ටිමීටර් 6.8 පලළ සෙන්ටිමීටර් 6.5 බුදු පිළිමයක් බි.ඕ.පී 316 තල්පොත ප්‍රදේශයේ පුද්ගලයෙකුට හමුවි ඇති බව පොළොන්නරුව පුරා විද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි.
මෙම පිළිම වහන්සේ පොළොන්නරු යුගයට අයත් පිළිමයක් බවත් මෙම ඉඩම පිහිටිම අනුව පොළොන්නරු යුගයේ කාලිංග ඇළ මාර්ගය පිහිටි ආසන්නයේ ඇති බැවින් ඇළ මාර්ගය විවිධ පුද්ගලයන් සහ විවිධ ජාතිකයන් වෙළෙඳාම් කටයුතු සඳහා භාවිත කර ඇති බවට සඳහන්ව ඇතැයි පොළොන්නරු දිස්ත්‍රික් පුරාවිද්‍යා ගවේෂණ නිලධාරී එච්.එම්. අබේකෝන් මහතා පැවසීය.
මෙම ප්‍රදේශයේ තිබී මිට පෙර පෞරාණික වටිනාකම් ඇති පිළිම ඇතුළු විවිධ දේ හමුවුණු අතර මේ පිළිමය පිළිබඳ පරික්ෂා කිරිමෙන් පසු කුමන ලෝහයකින් තනවා ඇත්දැයි සහ කාලය නිර්ණය කරගත හැකි බව අබේකෝන් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


