නිල් පැහැ LED බල්බය ලොවට හඳුන්වාදුන් ජපාන හා ඇමෙරිකානු විද්‍යාඥයන් තිදෙනා 2014 භෞතික විද්‍යාව වෙනුවෙන් වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබා තිබේ.
මහාචාර්ය ඉසාමු අකසාකි, හිරෝෂි අමානෝ සහ ෂීජි නකමුරා 1990 වසරේදී ප්‍රථම නිල් පැහැ LED බල්බය ලොවට හඳුන්වා දෙමින් මෙසේ නොබෙල් ත්‍යාගයට හිමිකම් කියා තිබේ.
මෙම නිල් පැහැ LED බල්බය ඊට කලින් පැවති රතු සහ කොළ LED බල්බ සමග මුසුකර නව පරම්පරාවේ වැඩි ආලෝකයක් සහිත, බලශක්තිය පිරිමසන සුදු ආලෝකය ලබාදෙන LED බල්බය නිපදවුණි.
මෙම ජයග්‍රාහකයන් තිදෙනා අතර මෙහි ත්‍යාග මුදල වූ පවුම් මිලියන 0.7ක මුදල බෙදී යනු ඇත.
1901 වසරේ සිට මේ දක්වා හඳුනාගැනුණු ප්රමුඛ පෙළේ භෞතික විද්‍යාඥයන් 196 දෙනෙකු අතරින් මොවුන් තිදෙනා තේරීපත්ව ඇති බව ස්වීඩනයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුණි.