පසුගිය රජයේ මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් තවම නිල රථ භාරදී නොමැති බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන අදාළ වාහන රජයට පවරා ගැනීමට කටයුතු කරන්නැයි පොලීසිය වෙත දැනුම්දීමට තීරණය කළ බව රජයේ කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළේය.
අදාළ වාහන ලබාදෙන්නැයි එම මැති ඇමතිවරුන්ට මීට පෙර අවස්ථා කිහිපයකදී දැනුම්දී තිබෙන බවත්, පෙරේදා (21දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමුවූ බවත්, ඇමතිවරයා සඳහන් කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන හෝ නිල වාහන පවරා ගතයුතු බවට අවසානයේදී තීරණය කළ බවයි.
මේ අතර ජනාධිපති කාර්යාලයේ තිබු වාහන 126 ක් අමාත්‍යාංශවලට බාරදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ බවත්, මේ හේතුවෙන් මාසයකට ඉන්ධනවලින් පමණක් රුපියල් මිලියන 100 ක් රජයට ඉතුරු වන බවත් කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.