රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයාගේ හා විපක්ෂ නායකවරයාගේ නිල නිවස අලුත්වැඩියා කිරීමට හා ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව භාර අමාත්‍යවරයාට නව වාහනයක් මිලදී ගැනීමට වැය කරන ලද රුපියල් නවකෝටි අසූනවලක්ෂ තිස්අටදහස් තුන්සියදහසක (රු.98,938,310) මුදලක් වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුවක් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට අද (06දා) ඉදිරිපත් කරන ලදී.
මෙම පරිපූරක ඇස්තමේන්තුවෙහි සඳහන් පරිදි රාජ්යව්යවසාය සංවර්ධන අමාත්‍යවරයාගේ නිල නිවස නවීකරණය සඳහා රුපියල් එක්කෝටි හැත්තෑ හය ලක්ෂ තිස් අට දහස් තුන්සිය දහයක මුදලක් වැයකර ඇති අතර, විපක්ෂ නායකවරයාගේ නිල නිවසේ අලුත්වැඩියාව වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන සැලසීම සඳහා රුපියල් දෙකෝටි පහළොස්ලක්‍ෂයක මුදලක්ද වැය කර ඇත.
එමෙන්ම ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින අතර අමාත්‍යවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් හාරකෝටි තිස්ලක්ෂයක් (රු. 43,000,000) ලෙස හා රුපියල් එක්කෝටි හැටඅටලක්ෂයක් (16,800,000) ලෙස රුපියල් පන්කෝටි අනූඅටලක්ෂයක (රු.59,800,000) මුදලක් වැයකළ බවද එහි දැක්වේ.
මීට අමතරව, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ ලබාගන්නා ලද වාහනයෙහි බදු කුලී සඳහා වූ ප්‍රතිපාදන ඌණතාව වෙනුවෙන් වැය කරන ලද රුපියල් හැත්තෑපන්ලක්ෂ හතළිස්පන්දහසක (රු. 7,545,000) මුදලක්ද, ජනාධිපතිවරයා මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ ලබාගත් වාහනයෙහි බදු කුලී සඳහා වන ප්‍රතිපාදන ඌණතාව සඳහා වැය කරන ලද රුපියල් හාරලක්ෂ අනූපන්දහස (රු.495,000) මුදලක්ද පරිපූරක ඇස්තමේන්තුවෙහි සඳහන් වේ.