නිල කාලය අවසන්වන පළාත් පාලන ආයතන දීර්ඝ කරන්නේ නෑ
මාර්තු 30 වැනිදායින් නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කිරීමක් සිදුකළත්, මින් ඉදිරියට නිල කාලය අවසන් වන කිසිදු පළාත් පාලන ආයතනයක නිල කාලය දීර්ඝ නොකිරීමට රජය තීරණය කර තිබේ.
මේ අනුව මින් ඉදිරියට නිල කාලය අවසන් වන සියලුම පළාත් පාලන ආයතන පළාත් ලේකම්වරුන් යටතට පත්කිරීමට රජය සැලසුම් කර ඇත. පළාත් පාලන ආයතන නිල කාලය අවසන් වු පසු නිල කාලය දීර්ඝ නොකළත්, පසුගිය කාලයේදී අදාළ ආයතන පළාත් පාලන කොමසාරිස්වරුන් යටතට පත්කිරීමට කටයුතු කරනු ලැබිණි.
හදිස්සි නීතිය යටතේ මෙම කටයුත්ත සිදුකළත්, මේ වනවිට හදිස්සි නීතිය රට තුළ ක්රියාත්මක නොවන නිසා නිල කාලය දීර්ඝ නොකරන සියලුම පළාත් පාලන ආයතන පළාත් පාලන ආයතන ලේකම්වරුන් යටතට පත්කිරීමට සැලසුම් කර තිබේ. මේ අනුව මැයි මස 15 වැනිදා නිල කාලය අවසන් වන බස්නාහිර පළාත්, පළාත් පාලන ආයතනවල බලය නැවත මැතිවරණයක් පැවැත්වෙනතුරු පළාත් පාලන ආයතන ලේකම්වරු යටතට පත්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
