පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ආකාරය පිළිබඳ සහ කඩිනමින් මැතිවරණය පවත්වාගැනීම සම්බන්ධයෙන් නිරීක්ෂණ සංවිධාන 06ක් හෙට (17දා) මැතිවරණ කොමිෂන් සභාව සමග සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙහිදී පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ආකාරය පිළිබඳවත්, සාකච්ඡා කරන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
දිනෙන් දිනම පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීම කල් යමින් තිබෙන හෙයින් සංවිධාන 06ක් ගොස් මෙම ඉල්ලීම හා වෙනත් කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට තීරණය කළ බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මෙම සාකච්ඡාව සඳහා කැෆේ සංවිධානය, පැෆරල් සංවිධානය, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය, ජාතික මැතිවරණ ආයතනය, ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය, මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ ලක්බිමේ මව්වරුන් හා දියණියෝ සංවිධානය සහභාගි වීමට නියමිතය.