දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් අඩු වනු අති වුවත්, දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වැසි වයඹ පළාතට ද පැතිර යා හැකි බවද පෙන්වා දෙන දෙපාර්තමේන්තුව, විශේෂයෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
මේ අතර, කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා යාපනය දක්වා වන ගැඹුරු මුහුදු ප්රදේශවලද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සහ දිවයින වටා වන අනෙක් මුහුදු ප්රදේශදේශවලද තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වන අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 60-70 පමණ දක්වා ඉහළි යා හැකි බැවින් මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක බවත්, මේ සමග මුහුදු රළ වල උස විටින් විට ඉහළ යා හැකි බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.