මෙම මස 05 දා සිට 07 දා දක්වා දිවයිනේ නිරත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලට වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන්ම සබරගමුව, මධ්‍යම හා ඌව පළාත්වලත් ගාල්ල, කලුතර හා මාතර දිස්ත්‍රික්කවලත් මිලි මීටර් 100 ඉක්ම වූ වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (04දා) මධ්‍යහ්න 12.00ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.