පවතින නියං කාලගුණික තත්ත්වය මේ වනවිට දිස්ත්‍රික්ක 16කට බලපා ඇති බවත්, ඉන් පුද්ගලයන් 1,889,430 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
එහි අධ්යක්ෂ කේ. ප්‍රසන්න චන්දිත් මහතා කියා සිටියේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 157කට අයත් පවුල් 543,759 ක් මෙම තත්ත්වයට මුහුණපා ඇති බවයි.
සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12දා) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති පොළොන්නරුව දිස්ත්‍රික් නියං ආපදා තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.