පොළොන්නරුව දිස්ත්රික්කයට තවදුරටත් බලපා ඇති නියං කාලගුණික තත්ත්වය හේතුවෙන්, දිස්ත්රික්කයේ පාසල් 47 කට බලපෑම් එල්ල වී ඇතැයි පොළොන්නරුව දිස්ත්රික් අපදා කළමනාකරණ ඒකකය පවසයි.
මැදිරිගිරිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් විස්සකට 20 කට සහ ලංකාපුර හා වැලිකන්ද ඇතුළු ප්රා‘දේශීය ලේකම් කොට්ඨාසවල පාසල් 07 කට මෙම තත්ත්වය බලපා ඇතැයි එහි සහකාර අධ්යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසීය.
මේ අතර පොළොන්නරුව දිස්ත්රික්කයේ ග්රාම නිලධාරී වසම් 202 කට අයත් පවුල් 68,598 ක පුද්ගලයන් දෙලක්ෂ තිස්හතර දහස් හැටදෙකක් නියඟය හේතුවෙන් පීඩාවට පත්ව ඇත.