නියඟය වෙනුවෙන් ලබාදුන් වියළි සහනාධාරය නැවත ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් රැස්වීමේදී අද (16දා) උපදෙස් ලබාදී තිබේ.
එම සහනාධාරය මාස 04කින් පසුව නවතා ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය අද (16දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ පෙන්වා දී තිබේ.
ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට අවධානය යොමු කරන්නැයි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගේ එකඟතාව පළවූ බවද වාර්තා වෙයි.