දිස්ත්‍රික්ක අටකට බලපා ඇති දැඩි නියං තත්ත්වය නිසා එහි ඍජු බලපෑම් පවුල් තුන් ලක්ෂ විසිතුන් දහස් හාරසිය හැත්තෑ හයකට අයත් පුද්ගලයන් එකළොස් ලක්ෂ පනස් දහස් නවසිය අනූහතරකට එල්ල වී තිබෙන බව ඊයේ (03) නිකුත් කළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දෛනික වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
එම වාර්තාවට අනුව වැඩිම බලපෑම් එල්ල වී තිබෙන්නේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කය තුළ පවුල් එක් ලක්ෂ තිස් නවදහස් හයසිය හැටහතරකට (139,664) අයත් පුද්ගලයන් හාර ලක්ෂ හැත්තෑ තුන්දහස් එකසියවිසිපස් දෙනෙකු (473,125) පීඩාවට පත්ව තිබෙන බවද පෙන්වා දී ඇත.
මීට අමතරව උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 16,576 කට අයත් පුද්ගලයන් 56,469 ක් උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 45,274 ක පුද්ගලයන් 147,439 ක් නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 32,733 කට අයත් 117,540ක් පීඩාවට පත්ව තිබේ.