දිස්ත්‍රික්ක 14 කට ඇතිවී තිබෙන නියං තත්ත්වය නිසා පීඩාවට පත්වූ පිරිස මේ වනවිට ලක්ෂ 17 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පවතින නියං තත්ත්වය නිසා මීට දින 14 කට පෙරදී නියඟයෙන් විපතට පත්ව සිටි විසිලක්ෂ හත්දහස් අටසිය පහළොවක ප්‍රමාණයද දහසය ලක්ෂ තිස්හතර දහස් පන්සිය අනූවක් (1,634,590) බවට පත්වී තිබුණත් එම පිරිස ඊයේ (24දා) වනවිට දහසය ලක්ෂ අනූනවදහස් එකසීය හතළිස් හයක් (16,991,146) දක්වා ඉහළ ගොස් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.