නැගෙනහිර, උතුරු, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වල අද (14දා) දිනයේ මහ වැසිවල වර්ධනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දීර්ඝ කාලයක් පැවතුණු නියඟය නිමාකරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ(13දා) මහ වැසි ඇදහැළුණි.
සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බැවින් පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, පසුව එම වැසි සෙසු පළාත්වලටද පැතිරයා හැකි බවත් දෙපාර්තමේන්තුව පැවසීය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකිපළකළේය.
මේ අතර ඊයේ (13දා) දක්වා පැවතුණු වියළි කාලගුණ තත්ත්වය නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.6ක් දක්වා ඉහළ ගිය බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව වවුනියාව දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.9 දක්වාත්, හම්බන්තොට මත්තල ප්‍ර‘දේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.9 දක්වාත් ඊයේ(13දා) දිනයේදී ඉහළ ගොස් තිබේ.
මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 දක්වාත්, අනුරාධපුර උෂ්ණත්වය සෙල්සියස් අංශක 35දක්වාත්, මඩකලපුව, යාපනය හා රත්නපුර දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 දක්වාත් ඉහළ ගොස් තිබිණ.
එමෙන්ම කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 දක්වාත්, මන්නාරම, මහනුවර දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 31 දක්වාත් ඉහළ ගොස් තිබේ.