දිවයිනේ ප්රදේශ කිහිපයකට බලපා ඇති නියං තත්ත්වයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් ආණ්ඩුව තවමත් නිසි පියවර ගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
රජය බිමට ජලය නොමැතිව සිටින ජනතාව වෙනුවෙන් මුදල් වියදම් කර නොමැති බවද විවිධ ප්රසංග සහ වෙනත් කාරණා සඳහා මුදල් වියදම් කරන බවද එම පක්ෂය සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව පවසා තිබේ.