ඌව පළාත් සභා මැතිවරණයේදී වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකාර සහ පාර්ලිමේන්තුවේ සභා නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ බදුල්ල ආසනය ඡන්ද 6098 කින් සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ හාලිඇල ආසනය ඡන්ද 2796 කින් පරාජයට පත්වී තිබේ.
බදුල්ල ආසනය තුළ එක්සත් ජාතික පක්ෂය ඡන්ද 21099 ක් ලබාගන්නා විට, එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන තිබෙන්නේ ඡන්ද 15001කි.
එක්සත් ජාතික පක්ෂය හාලිඇල ආසනය තුළින් ඡන්ද 23900 ක් ලබාගන්නා විට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන තිබෙන්නේ ඡන්ද 21104 කි.