වවුනියාව කුඩාකච්චිකෝඩිය වැව අසලදී පසුගිය ජුනි මස නිධන් හෑරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර කෝටිපති ව්‍යාපාරිකයන්ද සිටින බවට පරීක්ෂණවලදී අණාවරණය වී ඇත.
මෙම ස්ථානයේ නිධන් හාරන බවට ප්‍රදේශවාසීන් විසින් පොලිස් බුද්ධි අංශවලට මෙන්ම පොලිස් හදිසි ඇමතුම් ඒකකයන් වෙතට තොරතුරු ලබාදුන්නද එවැනි සිද්ධියක් වාර්තාවී නොමැති බවට එවකට වවුනියාව නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් සේවයේ යෙදුණු යූ.කේ.දිසානායක මහතා විසින් ප්‍රකාශ කොට තිබෙන බව වාර්තාවෙයි.
කෙසේ වෙතත් පොලිස්පතිවරයාගේ නියෝග මත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ අතර එම අවස්ථාවේදී සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් අතර කෝටිපති ව්‍යාපාරිකයන්ද සිටින බවට තොරතුරු ලැබී තිබේ.
අදාළ සිදුවීමෙන් පසුව එම නියෝජ්‍ය පොලිස්පතිවරයා මඩකලපුවට මාරු කොට යවා ඇත.