නීතිවිරෝධි අයුරින් නිධන් කැණීම් කටයුතු වල නිරත වූ පුද්ගලයින් සිව්දෙනෙකු කැබිතිගොල්ලෑව, ඉස්සන්වැව ප්රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කැබිතිගොල්ලෑව පොලිසියට ලද තොරතුරක් මතය. කැණිම් කටයුතු සඳහා යොදාගත් උපකරණ කිහිපයක් ද මේසමග පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පරාක්රමපුර සහ වව්නියාව යන ප්රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් තැබිතිගොල්ලෑව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.