රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන යන වැඩපිළිවෙළ හෙළා දකින බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද(17දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගත යුතුයැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කර තිබෙන ප්‍රකාශයට තමා පුදුම වන බවත් මෙම වෛද්‍යවරුන්ට ඇති ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව ආකල්පය කුමක්ද කියා තමන් දැනගැනීමට කැමති බවත් අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මෙසේද කීය
මේ විශ්වවිද්‍යාලය දින 100තුළ ආරම්භ කළේ නෑ.පසුගිය රජය කාලයේ සයිටම් එක ආරම්භ කළා,ඩිෆෙන්ස් විශ්වවිද්‍යාලය කොතලාවල ආරම්භ කළා. ඒවා ආරම්භ කරනකොට එයට විරුද්ධ වෙන්න හයියක් තිබුණේ නැද්ද?හදපු දේශපාලන සංස්කෘතිය ආණ්ඩුවට විරුද්ධව කතා කළොත් සුදු වෑන්වලින් උස්සලා, අතුරුදහන් කරනවා. දැන් ඇවිත් කියනවා, වැරදි නිවැරදි කරන්නලු.
අපි දන්නවා, ආණ්ඩුවක් ලෙස වැරදි නිවැරදි කරන්න. ප්රශ්නය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි.
මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරනකොට මේ අය නිදාගෙන සිටියා. අද මේ ළමයි දහස් ගණනක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබුවට පස්සේ, දෙමව්පියන් ණය වෙලා. දැන කියනවා, විශ්වවිද්‍යාලය වහලා දාන්නලු.මොකක්ද මේකේ සාධාරණය.වෛද්‍යවරු හිතන් ඉන්නේ අපි
වෛද්‍යවරු නිසා ලංකාවේ අය වෛද්‍යවරු බිහිකරන්න එපා කියලයි.ඔය කතා කරන වෛද්‍යවරුන්ට එක ලකුණක් අඩු වුණානම් අද ගමේ ත්‍රීවීල් එකක් එළවනවා. වෛද්‍යවරු බිහිවෙනවට විරුද්ධයි.මේ රටට විශ්වවිද්‍යාල අවශ්‍යයි.අපේ රටට වෛද්‍ය විද්‍යාල නොව හැම විද්‍යාලයක්ම අවශ්‍යයි. යැයි පැවසීය