ජනාධිපති පොදු සමාව යටතේ අද (04දා) දිනයේදී බන්ධනාගාර ගතව සහ එළිමහන් කඳවුරුවල සිරදඩුවම් ලබමින් සිටි රැදිවියන් 544ක් නිදහස් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සුළු වැරදිවලට හා දඩමුදල් ගෙවා ගැනීමට නොහැකිවූ මෙම 544 දෙනා නිදහස් කර තිබෙන්නේ අද (04) නිදහස් දින සැමරුම මූලික කර ගනිමින්ය.
මෙම පිරිස අතර කාන්තා රැදවියන් 06 දෙනෙකු ඇතුලත්වන අතර වැඩිම පිරිසක් නිදහස ලබා තිබෙන්නේ මීගමුව බන්ධනාගාර දඩුවම් ලබමින් සිටි පිරිස්ය. එම බන්ධනාගාරයේ රඳවාසිටි රැදවියන් 56 දෙනෙකු මුදා හැර තිබේ.