සම්පූර්ණ මුහුණ ආවරණය වන ආරක්ෂිත හිස්වැසුම භාවිත කිරීමට එරෙහිව වරින් වර ගෙන එන නීති නතර කර නිදහසේ ආරක්ෂිත හිස්වැසුම් භාවිත කිරීමට ඉඩ ලබාදෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් බාරදෙන බව තාරුණ්‍ය‘යේ හඬ සංවිධානය සඳහන් කරයි.
මීට අමතරව විරෝධතා බැනරයක්ද කොළඹ ප්‍රදේශයේ ප්‍රදර්ශනය කරන බවත්, මීට අමතරව පෙත්සමක් සඳහාද අද (18දා) සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අත්සන් ලබාගැනීම සිදුකරන බවද එම සංවිධානයේ සම්බන්ධිකාරක අසිත නිරෝෂණ මහතා සඳහන් කළේය.
හෙට (19දා) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිත සම්පූර්ණ මුහුණ ආවරණ සහිත හිස්වැසුම් තහනම ඉවත්කරන ලෙසට සිදුකළ පැමිණිල්ලට අදාළව මෙම අත්සන් සහිත විරෝධතා පෙත්සමද එදිනට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව හෙතෙම පවසා සිටියේය.