ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කිරීම අපහසු කාර්යයක් බවත් පක්ෂයේ වැඩපිළිවෙළ ගමට ගෙන නොයන කුමන තරාතිරමක අයෙකු වුවද පක්ෂයෙන් ඉවත් කර ඒ සඳහා නව ආසන සංවිධායකවරුන් පත්කරන බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අරලගංවිල අලවාකුඹුර ධීවර ගම්මානයේ පානීය ජල ව්‍යාපෘතියකට මුල්ගල තැබීම නිමිත්තෙන් පැවති උත්සවයේදී අදහස් දක්වමින් ඒ මහතා එසේ පැවසීය.
එසේම මේව විට ජාත්‍යන්තර වශයෙන් රටට කිසිම බලපෑමක් නොමැති බවත් යුද අධිකරණ, ජාත්‍යන්තර පරීක්ෂණ නැති බවත් පැවැසූ අමාත්‍යවරයා ඒ සඳහා හේතුව වූයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත්ව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරිම බවද පැවැසීය.
මනම්පිටිය නිමල් ජයරත්න