දුර ගමන් සේවා බස් රථ අතරමගින් මගී ජනතාවල සිය බස්රථවලට ගොඩ නංවා ගැනීම හේතුවෙන් සිය ආදායම පහළ යන බව පවසමින් නිට්ටඹුව, ගම්පහ හා කඩවත සිට කොළඹ බලා ධාවනය කරන පෞද්ගලික බස් රථ සේවකයෝ අද (31දා) බස් වර්ජනයක් ආරම්භ කර තිබේ.
කඩවත - කොළඹ (138), කිරිල්ලවල - කොටුව (138), ගම්පහ - කොටුව (200) හා නිට්ටඹුව - කොටුව (180) යන බස් රථ අද ධාවනයෙන් ඉවත්විය. මේ හේතුවෙන් සඳුදා දිනයේදී රාජකාරී සඳහා පැමිණෙන මගීහු දැඩි අපහසුතාවකට පත්වූහ.